Wednesday, September 21, 2011

සෙනෙහසකට අරුතක් .........

සෙනෙහසකට අරුතක් පුරවන්නට
අහසේ තරු ගැන්නා.......


මේ සින්දුව අහන කොට හිතට දැනෙන හැඟීම වචනයෙන් විස්තර කරන්න මම දන්නෙ නෑ, ඒ තරමටම සංවේදී ගීතයක්.
සෙනෙහසට අරුතක් දෙන්න නම් ඒක හදවතින් දනෙන්න ඕනෙ,අනිත් අයට දෙන්න පුලුවන් වෙන්නත් ඕනෙ. 
තවත් කෙනෙකුට සෙනෙහසින් කතා කරන්න, සෙනෙහසින් ආදරය කරන්න අපිට පුලුවන්නම් කොච්චර හොඳද, ඒකට කිසිම මුදලක් වියදම් වෙන්නෙ නෑනේ. ඉතින් නොමිලේම දෙන්න පුලුවන් දෙයක් ඇයි අපි දෙන්න පැකිලෙන්නෙ.....
අඩුම තරමින් තමන් එක්ක සිනාසෙන කෙනෙක් එක්ක සෙනෙහසින් සිනාවෙන්න පුලුවන්නම්,එයාට ඒක හදවතට දැනේවි,....
සමහරවිට මුලු දවසටම එයත් එක්ක හිනා වෙලා කතා කරල තියෙන්නෙ ඔබ විතරක් වෙන්න පුලුවන්,එතකොට ඒ පුද්ගලයට කොච්චර සතුටු හිතෙයිද අඩුම තරමින් මේ ලෝකෙ එක්කෙනෙක් හරි එයාව ගනන් ගත්ත කියලා....
ඉතින් එතකොට අපි සෙනෙහසට පොඩි හරි අරුතක් එක් කලා වෙනව නේද.....

Tuesday, September 20, 2011

හදවතින් ආදරය කිරිම ........

අපි කෙනෙකුට ආදරය කරන්න පටන් ගන්නෙ ඔහුගෙ බාහිර ස්වරූපයට, ලස්සන, ප්‍රියමනාප කමට. ඒත් ටිකින් ටික අපි ඒ ලස්සන බාහිර ස්වරූපය හරහා ඔහුගේ/ඇයගේ හදවත තුලට එබිකම් කරනවා......
මොකද දන්නවද අපි එකපාරටම දැක්ක ගමන් ඒ පුද්ගලයගෙ හදවත මොනවගේද කියන්න දන්නෙ නෑනේ,ටිකින් ටික ඔහුගේ/ඇයගේ හදවතට ලන්වෙන්න ඕනේ. එතකොට තමයි අපි ඒ ගැන හරියටම දැන ගන්නෙ.
වෙන කවුරු හරි අපිට එයා ගැන කිව්වට, වැදගත් වෙන්නෙ අපිට එයාව දැනෙන විදිය. අපිට එයාව දැනෙන විදිය අනුව තමයි අපි එයා දිහා බලන්නෙ......
ඒ නිසා හැමවිටම අනිත අයගෙ කෝණයෙන් පුද්ගලයින්ව මනින්න එපා, මොකද දන්නවද අපිට කෙනෙක්ව දැනෙන විදිය අනිත් අයගෙන් සම්පූර්ණයෙන්ම වෙනස්.
අපිට හොද කෙනෙක් වෙන කෙනෙකුට හොඳ නැති වෙන්න පුලුවන්, ඒත් ඔබට දැනෙන විදිය වෙනස් කරන්න එපා, නමුත් ඔබ අනිත් අයට සවන් දෙන්න.....
මොකද අපි හැමවෙලාවෙම හරි නැති නිසා...
ඕනෙම කෙනෙකුට හදවතින් ලං වෙන්න, එතකොට ඔබට ඔහුව/ඇයව හරි අපූරුවට දැනේවි, හදවතේ ගැ‌‌ඹුරුම තැනින්......
ඔබ ඔබම වෙන්න,
ආදරේ කරන්න හදවතේ ගැඹුරුම තැනින්.....
 එතකොට මේ ලෝකෙ හරිම අපූරු තැනක් වෙවි, අපි හිතනවට වඩා ..........




මතක තියාගන්න මේ ආදරය තමන්ගේ ආදරවන්තියට/ ආදරවන්තයට විතරක් නෙවෙයි, මුලු ලෝකයටම........





Sunday, September 18, 2011

හැඟුමක පැහැය විඳින්නට.....

ගතවෙන හැම තත්පරයක්ම මොන තරම් ආදරණීයද........... ඒ හැම තත්පරයකදීම ජීවිතය විඳින්න පුලුවන්නම් මේ ලෝකෙ කොච්චර සුන්දරද....... 
ජීවිතයේ සුන්දර බව දැනෙන්න නම් ඒක විඳින්නම ඕනෙ, එහෙම නැතුව කොහොමද ඒක සුන්දරද නැද්ද කියල දන්නෙ .......
ගතවෙන හැම තත්පරයකම හැම මොහොතකම ලෝකයට ආදරය කරන්නෙ, එතකොට දැනේවි ඔබ ජීවත් වෙනවා කියල. 
මේ ලොකේ ගතවෙන හැම මොහොතකම වෙනස් වෙනව, හොඳට වගේම නරක විදියටත්. ඒ හැම වෙනස්වීමක් දිහාම විවුර්ත මනසකින් බලන්න හැමෝටම පුලුවන් වුනදාට මේ ලොකේ අමුතුම තැනක් වේවි........
ඒ වගේ අමුතුම ලෝකයකදි නැවත හමුවෙමු .........
අවසරයි ආදරණීය ඔබ සැමගෙන්......
යලිත් හමුවෙමු ආදරණීය හැඟුමක පැහැය විඳින්නට.....